

සාකච්ඡා වූ දහම් ගැටළු
0:00 ආරම්භය
1:01 "ජායත භික්කවේ මා පමාදත්ත"- මහණෙනි, දැහැන් කරව්...ප්‍රමාද නොවව්..
17:08 තම සිතේ වසඟයට නතු වන ලෝක සත්වයා අතෘප්තිමත්ව පරිතස්සනා කරති
35:21 ශූන්‍ය විය යුත්තේ රාග දෝස මෝහයි
39:16 දම්ම තාවය සහ දම්ම නියාම තාවය දුටු ආර්ය්‍යයයෝ, අරියපත්ත විහරණය කරති
48:34 "ආශ්‍රව" සරළව හඳුනා ගන්න..
56:58 විඥානය නිරෝධයෙන් ආශ්‍රව ඇසුර නවතී
1:00:20 සුවයට ගත වූ ස්වභාවය ඇසුරු කරන්න..එයම ශාන්තය..එයම ප්‍රණීතය...
1:14:22 "සතිය"පිහිටන හැම මොහොතකම "සිත" පතිත නොවේ...අප්පතිට්ඨිත වේ..
1:22:24 "සම්බුද්ධේ අට්ඨ වීසංච"- ලොව මෙතෙක් පහල වූ සියලුම බුදු වරු නමදිමු
1:39:02 "අනේක ජාති සංසාරං" කර්මස්ථානයක් ලෙස වැඩීමට සුදුසු ආර්ය්‍ය අරුත..
1:46:11 සත් තිස් බෝධි පාක්ෂික දහම් වඩන තුරු බුද්ධ ශක්තිය ලොව පවතී
සද්ධර්ම දේශක ගරු වසන්ත වීරසිංහ මහතා විසින් ඉරිදවල් 8ක් පුරා පැවැත්වූ සද්ධර්ම සාකච්ඡා මාලාවේ පස් වන වැඩසටහන දෙසැම්බර් මස 19 වන ඉරිදා ලංකාවේ වේලාවෙන් උදෑසන 9.30 ට ආරම්භ විය. මෙම වැඩසටහනේදී දස්සනේන පහාතබ්බ කොටස මුල සිටම විස්තර කෙරුනි.
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!

